මිශ්‍ර භාෂා captions

ලංකාවේ අපි කතා කරන විදියටම captions

ලංකාවේ ගොඩක් videos වල එකම වාක්‍යයේ සිංහලයි English යි දෙකම තියෙනවා. සාමාන්‍ය tools හැමදේම එක අකුරු ක්‍රමයකට හරවන නිසා කියවන්න අමාරුයි. Sinsub හැම වචනයක්ම කතා කරපු භාෂාවේ අකුරින්ම ලියනවා.

කියවන්න ලේසි මිශ්‍ර captions

"අද අපි Toyota Aqua එක review කරමු" වගේ වාක්‍යයක් ඒ විදියටම තියෙනවා. "ටොයොටා ඇක්වා" හෝ කියවන්න අමාරු romanised අකුරු ලැබෙන්නේ නැහැ.

  • Brand names, product names සහ technical වචන English අකුරින්ම තියෙනවා.
  • නම් (අය, තැන්, brands) එක පාරක් add කළාම, හැම caption එකකම ඔබට ඕන විදියටම ලියවෙනවා.
  • සම්පූර්ණ සිංහල හෝ සම්පූර්ණ English videos වලටත් වැඩ.

Short videos වලට හදපු

වචනයෙන් වචනයට timing තියෙන නිසා Spotlight, Hormozi, Word Box වගේ highlight styles පාවිච්චි කරන්න පුළුවන්. Sound නැතුව බලන අයටත් reels, shorts සහ TikToks ලේසියෙන් තේරෙනවා.

නිතර අසන ප්‍රශ්න

Captions වල Singlish කියන්නේ මොකක්ද?

මෙතන අදහස් කරන්නේ English වචන මිශ්‍ර වුණු සිංහල කතාව. Sinsub සිංහල කොටස සිංහල අකුරින්, English වචන English අකුරින් තියාගන්නවා.

වැරදියට ආපු වචනයක් හදන්න පුළුවන්ද?

ඔව්. හැම වචනයක්ම සහ timing එකක්ම edit කරන්න පුළුවන්. මුල් transcription එකත් තියාගන්න නිසා compare කරන්න හෝ ආපහු ගන්නත් පුළුවන්.

ඔබේම video එකකින් try කරලා බලන්න

නොමිලේ පටන් ගන්න